ලංකා ත්‍රිපෝෂ සමාගමෙන් ලාභාංශ මිලියන 100 ක් මහා භාණ්ඩාගාරයට
December 10, 2025 05:48 pm
ලංකා ත්‍රිපෝෂ සමාගමේ ලාභාංශ ලෙස රුපියල් මිලියන 100ක මුදලක් අද (10) මහා භාණ්ඩාගාරය වෙත ලබා දී තිබේ.
මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වෙත අදාළ වෙක්පත භාරදෙනු ලැබුවේ ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා ඇතුළු පිරිස විසිනි.
මෙම අවස්ථාවට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ද එක්ව සිට ඇත.
