ගංවතුරට හසුවී විනාශ වුණු ආහාර ද්‍රව්‍ය ගොඩගසා ඇති අයුරු
December 10, 2025 05:43 pm
දිට්වා සුළි කුණාටුවත් සමග ගම්පොළ නගරයට බලපෑ ගංවතුර හේතුවෙන් ජීවිත සහ දේපොළ හානිවලට අමතරව වෙළෙඳසැල් සහ ගබඩා තුළ තිබූ ආහාර ද්‍රව්‍ය විශාල තොගයක් ද විනාශයට පත්වී තිබේ.
ඒ අනුව ගම්පොළ නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණ 2කට අයත් සහල් මිටි දහස් ගණනක් මෙලෙස විනාශවී ගොස් තිබෙන අයුරු දැකගන්නට හැකිවිය.
ඊට අමතරව පරිප්පු, සීනි, පිටි ආදිය ද ඒ අතර වෙයි.
ගම්පොළ නාවලපිටිය මාර්ගයේ, කහටපිටිය හා බෝතලාපිටිය ප්‍රදේශවල ඇති ගබඩාවල හා සුපිරි වෙළෙඳ සංකීර්ණවල මෙම ආහාර ද්‍රව්‍ය ගබඩා කර තිබී ඇත.
