නුවරඑළියට පිවිසිය හැකි මාර්ග කිහිපයක්ම යථා තත්ත්වයට
December 7, 2025 07:20 pm
නුවරඑළියේ පිවිසීමට ඇති මාර්ග කිහිපයක්ම යථා තත්වයට පත් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකොන් මහත්මිය පවසයි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
ඒ අනුව මහියංගනය සිට නුවරඑළිය දක්වාම මාර්ගය ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බව ද ඇය වැඩිදුරටත් පැවසීය.
නුවරඑළිය සිට කොළඹ දක්වා ගිනිගත්හේන හරහා දිවෙන මාර්ගය සහ නුවරඑළිය සිට කොළඹ දක්වා බගවන්තලාව හරහා දිවෙන මාර්ගය ද මේ වන විට ගමනාගමනයට විවෘත කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරිය මෙහිදී සඳහන් කළාය.
එමෙන්ම ඇය වැඩිදුරටත් පැවසුවේ රේන්දපොල හරහා වැලිමඩ බණ්ඩාරවෙල මාර්ගය හා උඩුපුස්සැල්ලාව මාර්ගය ද මේ වන විට විවෘත කිරීමට හැකියාව ලැබී ඇති බවය.
නුවරඑළිය - නුවර ප්‍රධාන මාර්ගයේ රම්බොඩ ප්‍රදේශයේ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු සිදු කරමින් පවතින අතර එය විවෘත කිරිමට තව දින කිහිපයක් ගතවන බව ද දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියාය.
දුම්රිය මාර්ග අලුත්වැඩියා කිරිමේ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සිදුකරන බවත්, දැනට විවෘත කර ඇති මාර්ගවල ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ධාවනය කිරිමට පියවර ගෙන ඇති බවත් ලේකම්වරිය පැවසීය.
