අමෙරිකානු 'C-130J' සුපර් හර්කියුලිස් යානා 2ක් කටුනායකට

අමෙරිකානු 'C-130J' සුපර් හර්කියුලිස් යානා 2ක් කටුනායකට

December 7, 2025   04:00 pm

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අමෙරිකානු ගුවන් හමුදාවේ 36වන හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ (CRG) 'C-130J' සුපර් හර්කියුලිස් ගුවන් යානා 2ක් අද (7) පස්වරුවේ කටුනායකට පැමිණියේය.

ගුවන් භටයින් සමග පැමිණි මෙම යානා ද්විත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නම්කරන ප්‍රදේශවලට භාණ්ඩ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සඳහා ක්ෂණික ප්‍රවාහන සහ සැපයුම් සඳහා සහාය ලබාදීමට නියමිතය.