ගංවතුරින් යටවූ ඉන්ධන පිරවුම්හල් යථා තත්ත්වයට පත් කිරීම කඩිනමින්
December 5, 2025 05:34 pm
ගංවතුරින් යටවූ ඉන්ධන පිරවුම්හල් යථා තත්ත්වයට පත් කිරීම කඩිනමින් සිදු කරන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.
පිරවුම්හල් 36ක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී අකර්මන්‍ය තත්ත්වයට පත් වූ බවත් ඉන් පිරවුම්හල් 14ක් හැර අනෙක් සියල්ල ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට හැකි වූ බවත් සභාපතිවරයා එහිදී සඳහන් කළේය.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අද (05) මේ බව පවසා සිටියේය.
ජලයෙන් යට වූ ඉන්ධන පිරවුම්හල් තව දින 3ක් ඇතුළත අලුත්වැඩියා කර සම්පූර්ණ කළ හැකි බව පැවසූ ඔහු නුවර හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ළඟා වීමට නොහැකි ඉන්ධන පිරවුම්හල් 5ක් තිබෙන බවද කියා සිටියේය.
ඒ අනුව දෙල්තොට, ගලහා, පුස්සැල්ලාව, උඩපුස්සැල්ලාව, නුවර යන ප්‍රදේශවල පිරවුම්හල් 5කට මෙසේ තවමත් ළගා වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ඩී.ජේ. රාජකරුණා මහතා වැඩිදුරටත් පැවසීය.
එහිදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මෙම පිරවුම්හල් 5 යථා තත්ත්වයට පත් කිරීමට යම් කාලයක් ගත වනු ඇති බවය.
එමෙන්ම අදාළ ප්‍රදේශවල ළඟාවීමට හැකි වූ වහාම එම පිරවුම්හල් පහේ අලුත්වැඩියා කිරීම් කටයුතු ආරම්භ කරන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
