පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය නාත්තන්ඩිය දක්වා දීර්ඝ කෙරේ
December 5, 2025 02:01 pm
පුත්තලම් මාර්ගයේ කොච්චිකඩේ හා නාත්තන්ඩිය අතර තිබු පිළිසකර කිරීමේ කටයුතු අවසන් කර ඇති නිසා කොළඹ කොටුව සිට නාත්තන්ඩිය දක්වාම දුම්රියන් ධාවනය සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
පැවති අයහපත් කාලගුණය හමුවේ පුත්තලම් මාර්ගයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොළඹ කොටුව සිට කොච්චිකඩේ දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා වී තිබුණි.
කෙසේවෙතත් දුම්රිය මාර්ග රැසකටම ආපදා තත්ත්වයෙන් දැඩි ලෙස හානි සිදු වූ අතර උඩරට දුම්රිය මාර්ගයේ හානි වූ ස්ථාන රැසකින් යළි පිළිසකර කිරීම් ආරම්භ කර ඇත.
