ඉන්දීය වෛද්‍යවරු ඇතුළු පිරිසක් දිවයිනට

ඉන්දීය වෛද්‍යවරු ඇතුළු පිරිසක් දිවයිනට

December 3, 2025   10:37 am

ඉන්දියානු වෛද්‍යවරුන්, හෙද හෙදියන්, උපස්ථායකයින් ඇතුළු ජංගම ආරෝග්‍යශාලා 02ක්, රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් දිවයිනට පැමිණ තිබේ.

ඊයේ (02) පස්වරුවේ මෙම යානය දිවයිනට පැමිණි අතර මෙම අවස්ථාව සඳහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.