අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශවලට අධික වැසි

අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශවලට අධික වැසි

November 28, 2025   03:28 am

අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වනවිට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (28) පෙ.ව. 3ට නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.

අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 48ක කාලය තුළ මහා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට ඔවුන් එම නිවේදනයේ අනතුරු අඟවා තිබේ.

ඒ අනුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකිය.

මේ තත්ත්වයෙන් ජීවිත හා දේපොළ ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන රියදුරන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.