අඹුසැමි ආරවුලක් මරණයකින් කෙළවර වෙයි
November 18, 2025 08:17 am
වාකරේ, උරියංකට්ටුව ප්රදේශයේ දී විවාහක තරුණියකව ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 22 ක් වූ තට්ටමුණෙයි ප්රදේශයේ පදිංචිකාරියකි.
ඊයේ (17) සවස් කාලයේ බිරිඳ හා සැමියා අතර ඇතිවූ ආරවුලක් මත සැමියා විසින් විදුලි පංකාවක වයරයකින් ඇයගේ ගෙල සිරකර මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණයට වී තිබේ.
ඉන් පසුව සැමියා ද වස පානය කර ඇති නමුත් ඔහු මේ වන විට මඩකලපුව රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
25 හැවිරිදි සැකකරු රෝහලේ සිටියදීම අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ සිටින බව වාර්තා වේ.
වාකරේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
