පැරාලිම්පික් රන් පදක්කම්ලාභී  Paige Greco දිවි ගමනට සමුදෙයි

පැරාලිම්පික් රන් පදක්කම්ලාභී Paige Greco දිවි ගමනට සමුදෙයි

November 17, 2025   04:40 pm

ටෝකියෝ 2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී පළමු රන් පදක්කම දිනාගත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා Paige Greco මියගොස් තිබේ.

ඊයේ (16) මෙලෙස ජීවිතයට සමුදෙන විට ඇගේ වයස අවුරුදු 28කි.

අංශභාග රෝගී තත්ත්වයකින් පෙළුණු ඇය හදිසි වෛද්‍ය සැත්කමකින් පසු ඇඩිලේඩ් පිහිටි ඇගේ නිවසේදී මෙලෙස මිය ගොස් ඇත.

ටෝකියෝ 2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී කාන්තා C1–3 කණ්ඩායමෙහි මීටර් 3,000 කේවල pursuit තරගයේ වාර්තාව බිඳ දැමූ ඇය ලෝක ශූරතා සහ ලෝක කුසලාන පදක්කම් රැසක් හිමි කරගත් ක්‍රීඩිකාවක් බව විදෙස් වාර්තා වැඩිදුර සඳහන් කරයි.