දෙරණ ලිට්ල් ස්ටාර් සෙහෙලිගේ වීඩියෝව YouTube නැරඹුම් වාර මිලියන 312 ඉක්මවයි
November 15, 2025 08:33 am
'දෙරණ ලිට්ල් ස්ටාර් - සීසන් 10' ජයග්‍රාහිිකාවක වන සෙහෙලි තූර්යාගේ රියැලිටි වැඩසටහනක් අතරතුර ඉදිරිපත් කළ අපූරු රංගනයක් ඇතුළත් වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වී ඇත.
එම වීඩියෝව ටීවී දෙරණ යූ ටියුබ් නාලිකාවේ මිලියන 312.7කට අධික නැරඹුම් සංඛ්‍යාවක් ලබාගෙන ඇති අතර එය ශ්‍රී ලාංකික නාලිකාවකින් වැඩිම පිරිසක් නරඹන ලද යූ ටියුබ් කෙටි වීඩියෝපටය බවට පත්ව තිබේ.
මෙම කෙටි වීඩියෝ පටයේ නැරඹුම් සංඛ්‍යාව, යූ ටියුබ් හි මිලියන 256කට අධික නැරඹුම් සංඛ්‍යාවක් සමඟින් වැඩිම පිරිසක් නරඹන ලද ශ්‍රී ලාංකික සංගීත වීඩියෝව ලෙස සැලකෙන යොහානිගේ ජනප්‍රිය ගීතයක් වන "මැණිකේ මගේ හිතේ" හි සංගීත වීඩියෝව පවා ඉක්මවා ගොස් ඇත.
මෙම වීඩියෝව 2022දී සෙහෙලි වයස අවුරුදු 8 දී ‘Derana Little Titans’ රියැලිටි වැඩසටහන අතරතුර ගායනා කළ 'ගරසරප' චිත්‍රපටයේ "දිව්‍යා නදී" ගීතයේ කොටසකි.
මෙම ගීතයේ මුල් ගායනය දුමාල් වර්ණකුලසූරිය විසින් සිදු කරන අතර සංගීතය චින්තක ජයකොඩි විසින් සහ පද රචනය ජයන්ත චන්ද්‍රසිරි විසින් නිර්මාණය කර ඇත.
2020 දී ජනප්‍රිය සහ ජූරි තීරණ යන කාණ්ඩ දෙකෙන්ම 'දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 10' සෙහෙලි තුර්යා විසින් ජයග්‍රහණය කර තිබේ.
