ලොකු පැටීගේ ගෝලයෝ දෙදෙනෙක් බඩුත් එක්ක මාට්ටු
November 13, 2025 10:49 am
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'ලොකු පැටීගේ' ගෝලයන් දෙදෙනෙකු ජාවාරම් මුදල් ලක්ෂ 26ක්, හෙරොයින් මත්කුඩු තොගයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථන 2ක් සමඟ අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරගස්මන්හන්දිය සහ ඉඳුරුව ප්රදේශයේ පදිංචි 24 සහ 27 හැවිරිදි තරුණයින් දෙදෙනකු බව පොලීසිය පවසයි.
"ඉවත්වනු" මෙහෙයුම යටතේ ජංගම සංචාරයේ නියැලී පොලිස් කණ්ඩායම අලුත්ගම ප්රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් ඊසිකෑෂ් ක්රමයට මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බවට මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
බැංකු වාර්තා, දුරකථන වාර්තා ලබාගෙන වැඩිදුරටත් විමර්ශන ක්රියාත්මක කරන බවද පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් කළුතර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.
අලුත්ගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.
