විදෙස් රටවලින් දක්ෂ සේවකයින් අමෙරිකාවට අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

විදෙස් රටවලින් දක්ෂ සේවකයින් අමෙරිකාවට අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

November 12, 2025   01:24 pm

තම රටට විදෙස් රටවලින් දක්ෂ සේවකයින් සහ විශේෂ හැකියාවන් ඇති පුද්ගලයන් අවශ්‍ය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප්  පවසා ඇත්තේ, ඇතැම් විශේෂ දක්ෂතා ඇති අය අමෙරිකාව තුළ නොමැති බවය.

ප්‍රවෘත්ති නාලිකාවක් සමග සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාවකදී අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව අවාධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ, මේ වසරේ ආරම්භයේදී ඔහුගේ පාලනය විසින් H-1B වීසා අයදුම්පත් සඳහා ඩොලර් 100,000ක අයදුම් ගාස්තුවක් නියම කිරීමෙන් පසුවය.

මෙම වීසා ක්‍රමය විශාල වශයෙන් භාවිතා කරන්නේ අමෙරිකානු තාක්ෂණික හා නව්‍ය සංස්ථා මගින් විදෙස්වලින් ඉතා දක්ෂ කම්කරුවන් බඳවා ගැනීම සඳහාය.