හුරුළුවැව දේවාලය ආසන්නයේ තිබී උණ්ඩ සොයාගැනේ
November 11, 2025 07:00 pm
ගලෙන්බිඳුණුවැව, හුරුළුවැව දේවාලය ආසන්නයේ ඇති නාන තොටුපොළක් අසළ තිබී උණ්ඩ තොගයක් පොලීසිය විසින් සෙයාගෙන තිබේ.
එලෙස සොයාගෙන ඇත්තේ, T-56 උණ්ඩ 21, MPMG අවිවලට භාවිතාකරන උණ්ඩ 33කි.
මීට අමතරව 9MM පිස්තෝල වර්ගයේ ගිනිඅවි සඳහා භාවිතාකරන උණ්ඩවල හිස්කොපු 118ක් සහ දුම්බෝම්බයක්ද සොයා ගෙන ඇති බව සඳහන්ය.
අද (11) සවස 4.30ට පමණ හුරුළුවැවට දිය නෑම සඳහා පැමිණි තරුණයින් දෙදෙනකු විසින් මෙම උණ්ඩ තොගය දැක ඇති බව වාර්තා වෙයි.
එහිදී මෙම තරුණයින් දෙදෙනා 119 පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුම්වත් කර තිබුණි.
පසුව එම ස්ථානයට පැමිණි ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් අදාළ ස්ථානය පරීක්ෂා කර මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගලෙන්බිඳුණුවැව පොලීසිය විසින් සිදුකරනු ලබයි.
