දිල්ලි ප්‍රහාරය ගැන ජනපති ඇතුළු රාජ්‍ය නායකයින් සොව පළ කරයි

දිල්ලි ප්‍රහාරය ගැන ජනපති ඇතුළු රාජ්‍ය නායකයින් සොව පළ කරයි

November 11, 2025   06:17 pm

ඉන්දියාවේ දිල්ලි අගනුවර සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අදාළ පුවත සැළවූ විගස තමා දැඩි සංවේගයට පත් වූ බවය.

මේ අතර අදාළ පිපිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය X ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කළේ අදාළ ප්‍රහාරය ගැන අසා තමා කම්පනයට පත්වූ බවයි.

ත්‍රස්තවාදී වසංගතය මුලිනුපුටා දැමීම සදහා සියලු දෙනා එක්විය යුතු බව ද විපක්ෂ නායකවරයා අදාළ පණිවුඩය මගින් පෙන්වා දී ඇත.

මීට අමතරව ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල නායකයින් ද ශෝකය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.