රේගු ඉතිහාසය වෙනස් වෙයි
November 9, 2025 12:20 pm
මෙම වසරේ අපේක්ෂිත රේගු ආදායම තවත් දින තුනක් තුළ ළඟා කරගත හැකි බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, රේගු ඉතිහාසයේ දිනක් තුළ ඉපැයූ වැඩිම ආදායම වන රුපියල් බිලියන 27.7ක ආදායමක් පසුගිය 06 වැනිදා වාර්තා වූ බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා,
''රේගු ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරලා තිබෙන මේ දක්වා 2025.10.15 වැනිදා. අපි එක් දිනකදී රුපියල් බිලියන 24කට අධික ප්‍රමාණයක් එනම් 24.4ක් වගේ ප්‍රමාණයක ආදායමක් ලැබුණා. මේ මාසේ නොවැම්බර් මාසේ හය වෙනිදා රුපියල් බිලියන 27.7ක ආදායමක් ලැබුවා. එතකොට ඒක තමයි දැන් මේ වෙනකොට එක් දිනකදී ලබපු වැඩිම ආදායම. මේ හය වෙනිදා ලබපු ආදායම. ඒක තමයි රේගු ඉතිහාසයේ ලංකාවේ බදු රැස් කිරීමේ ඉතිහාසයේ එක් දිනක් තුළ බදු එකතු කරන දෙපාර්තමේන්තුවක් දෛනිකව ලබපු වැඩිම ආදායම. අපේ වාර්ෂික බදු ඉලක්කය රුපියල් ට්‍රිලියන 2.115ක්. ඊයේ දිනය වෙනකොට රුපියල් බිලියන 2066.7 වගේ මට්ටමක සමස්ත එකතු කිරීම ඇවිල්ලා තිබුණා. ඉතින් ලබන සතියේ බදාදා විතර වගේ වෙනකොට අපිට ආදායම් ඉලක්කය සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි. එතකොට එතනින් එහාට අපිට ඉලක්කය ඉක්මවා යන්න පුළුවන්..''
