සර්වජන භාරය පිහිටුවයි

සර්වජන භාරය පිහිටුවයි

November 9, 2025   11:34 am

ව්‍යවසායකත්ව රාජ්‍යයක් සතුටු දැයක් වෙනුවෙන් සර්වජන ට්‍රස්ට් හෙවත් 'සර්වජන භාරය' පිහිටුවීම කොළඹ ශැන්ග්‍රීලා හෝටලේදි පසුගියදා සිදු කෙරුණි.

ඒ සර්වජන භාරයේ ප්‍රදායක භාරකරු පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස්, චීන නියෝජ්‍ය තානාපති, ඉන්දිනීසියානු මහකොමසාරිස්, මාලදිවයින් තානාපති මෙන්ම කැනඩා, ජපන්, රුසියානු, තායිලන්ත, නේපාල ආදි රටවල රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් , ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් , මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.

බිම් මට්ටමේ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ මාවතක් ලෙස “සර්වජන භාරය” එළිදැක්වේ. 

මෙරට ව්‍යවසාය දක්ෂතා සහිත තරුණයන් හා කාන්තාවන් ඇතුළු පිරිස් වෙනුවෙන් ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඒවාට පහසුකම් සැලසීමේ අරමුණින් සර්වජන භාරය ස්ථාපනය කෙරේ.

ව්‍යවසායකත්ව සංවර්ධන සහ කුඩා ව්‍යාපාර ඇරඹීම සඳහා මූල්‍යාදාර සැපයීම , දිළිඳු ජනතාවගේ සිතුම් පැතුම් ප්‍රගතශීලීව වෙනස් කරමින් ඔවුන්ගේ ආකල්ප යළි සකස්කිරීම , රට තුළ ශක්තිමත් ව්‍යවසායකත්ව රාජ්‍යයක් සකස්කිරීමට සංවිධානගත සමූහ දායකත්වය ප්‍රවර්ධනය සහ දිළිඳු ජනතාවගේ සෞඛ්‍ය පෝෂණ සහ අධ්‍යාපන දර්ශක ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණු වේ.

සර්වජන භාරය පිහිටුවනු ලබන්නේ ලාභ නොලබන පදනමක් ලෙසයි.