පොලිස් මෙහෙයුම් අඛණ්ඩව - පුද්ගලයින් 29,491ක් පරීක්ෂාවට
November 6, 2025 05:20 pm
පොලීසිය විසින් දිවයින පුරා සිදු කරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම මෙහෙයුමේදී පුද්ගලයින් 29,491 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.
එහිදි විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 746 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 224 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊට අමතරව බීමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 52 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
