13 බලාත්මක කිරීම තම අපේක්ෂාව බව සජිත් ඉන්දියාවේදී කියයි

13 බලාත්මක කිරීම තම අපේක්ෂාව බව සජිත් ඉන්දියාවේදී කියයි

November 6, 2025   03:53 pm

13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම තම අපේක්ෂාව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායකවරයා ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලය අමතමින් මේ බව කියා සිටියේය. 

ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නව දිල්ලියේ පැවති ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලයේ ප්‍රධාන දේශනයක් පවත්වනු ලැබීය. 

ඊට එරට මාධ්‍ය, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසක් එක්විය.