STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්
November 4, 2025 01:51 pm
විශේෂ කාර්ය බළකාය සඳහා යතුරුපැදි 100ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
විශේෂ කාර්ය බළකාය යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි ප්‍රධාන කඳවුරු 76ක්, උප කඳවුරු 23ක් සහ විශේෂ ඒකක 14ක් ක්‍රියාත්මක වේ.
එම බළකාය වෙත පැවරී ඇති රාජකාරි ඉටුකිරීම සඳහා දැනට පවතින යතුරු පැදි 314න් 90%ක් පමණ වසර 10කට වඩා පැරණි වීම හේතුවෙන් නිරන්තර කාර්මික දෝෂයන්ට ලක් වේ.
එම තත්ත්වය විශේෂ කාර්ය බළකාය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැටලීම් ක්‍රමානුකූලව හා ප්රශස්ත මට්ටමින් ඉටුකිරීමට බාධාවක් වී තිබේ.
ඒ අනුව, මත් උවදුර මැඩලීම සහ සංවිධානාත්මක පාතාල කණ්ඩායම් මර්දනය කිරීම වැනි රාජකාරීන් කාර්යක්ෂමව යහ ඵලදායී ලෙස ඉටුකිරීමට හැකිවන පරිදි විශේෂ කාර්ය බළකාය සඳහා එන්ජින් ධාරිතාව 125cc ප්‍රමාණයේ යතුරුපැදි 100ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිල දී ගැනීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
					