ඉන්දියාවෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 299ක ඉලක්කයක්
November 2, 2025 08:35 pm
එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් සත්කාරක ඉන්දියානු කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 298ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 299ක ඉලක්කයක් හිමිවිය.
ඉන්දීය ඉනිම ඔසවා තැබූ ආරම්භක පිතිකාරිනි ශෆාලි වර්මා (87) හා දීප්ති ශර්මා (58) අර්ධ ශතක රැස්කරමින් දක්ෂතා දැක්වූහ.
අයබොන්ගා කාකා (3/58) දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීය.
මෙම ඉලක්කය සම්පූර්ණ කරගැනීමට ඔවුන්ට හැකිවුවහොත් එය දකුණු අප්‍රිකානු ඉතිහාසයේ පිරිමි හෝ කාන්තා කණ්ඩායමක් එක්දින ලෝක කුසලානයක් දිනාගත්නා පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වේ.
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ පිරිමි හෝ කාන්තා කණ්ඩායමක් එක්දින ලෝක කුසලානයක අවසන් මහා තරගයක් ක්‍රීඩාකරන පළමු අවස්ථාවද මෙය වේ.
තරගය නවි මුම්බායි හි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.
මෙහි කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියානු කණ්ඩායමට ආරාධනා කළේය.
කෙසේ නමුත් වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීම පැය දෙකකින් ප්‍රමාද විය.
