අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ ගිවිසුම් රාමුවකට එකඟතාව

අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ ගිවිසුම් රාමුවකට එකඟතාව

October 27, 2025   01:20 pm

අමෙරිකා චීන ජනාධිපතිවරුන් අතර පැවැත්වීමට නියමිත හමුවට සමගාමීව දෙරට අතර වෙළඳ ගිවිසුම් රාමුවකට එකඟතාව පළ වී තිබේ.

නායකයින් දෙපළ අතර සාකච්ඡාවට ගැනෙන වෙළෙඳ ගිවිසුම් රාමුව සඳහා දෙරටේ බලධාරීන් එකඟතාව පළ කර ඇති බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත.

මැලේසියාවේ දී පැවැත්වෙන අග්නිදිග ආසියානු රටවල සමුළුව අතරතුර අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා චීන නියෝජිතයින් සමග ඒ සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක නිරත වී ඇති බව සඳහන් වේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් අතර හමුව ලබන 30 වැනිදා දකුණු කොරියාවේ දී සිදුවීමට නියමිතය.

ලොව විශාලතම ආර්ථිකයන් වන අමෙරිකාව සහ චීනය අතර පවතින මත‍භේදාත්මක තත්ත්වය වෙළෙඳ යුද්ධයක් දක්වා වර්ධනය වීම වළක්වා ගැනීමට දෙපාර්ශවය විසින්ම උත්සහ දරමින් සිටින අතරතුර මෙම හමුව සැලසුම් කිරීම විශේෂත්වයකි.