මත්කරල් තොගයක් සමග  සැකකරුවෙකු අත්අඩංගුවට

මත්කරල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

October 20, 2025   08:00 am

මිනිස් පරිභෝජනයට නුසුදුසු කරවල තොගයක් තුළ සඟවා ප්‍රවාහනය කරමින් තිබු මත්කරල් 359,000ක් (තුන් ලක්ෂ පනස් නව දහසක්) සමග සැකකරුවෙකු වව්නියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.