නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කෙරේ

නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කෙරේ

October 18, 2025   08:56 pm

පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

අද පස්වරු 7.00 සිට හෙට පස්වරු 7.00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, ඌව පරණගම, මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩුනුවර, දෙල්තොට, උඩුදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, බුලත්කොහුපිටිය, මාවනැල්ල, රුවන්වැල්ල, අරණායක, කෑගල්ල, යටියන්තොට මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, අඹන්ඟග කොරළේ, උකුවෙල, පල්ලෙපාලෙ, රත්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, වලපනේ, අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ, ඇහැලියගොඩ, කලවාන, රත්නපුර, වැලිගෙපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානයෙන් සිටින ලෙස අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇත.