ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
October 17, 2025 01:43 pm
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව, වයඹ පළාත් සහ අම්පාර දිස්ත්‍රික්ක සඳහා අද (17) දහවල් 12.30 සිට රාත්‍රී 11 දක්වා මෙම නිවේදනය වලංගු වේ.
අදාළ ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසත් ජනතාවට දැනුම්දී තිබේ.