ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් 8කට දිවි අහිමි වෙයි 

ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් 8කට දිවි අහිමි වෙයි 

October 17, 2025   11:13 am

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ තඹුත්තේගම, මාදම්පේ, කයිට්ස්, හබරාදුව, මැදවච්චිය, ගම්පහ සහ කඩවත යන ප්‍රදේශවලදී සිදු වූ අනතුරුවලින් මෙම මරණ සිදුව ඇති බවය.

තඹුත්තේගම, ඒරියාගම ප්‍රදේශයේ දී වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක සහ දුරකතක රැහැන් කණුවක ගැටී සිදුවු අනතුරකින් එහි ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 31 හැවිරිදි සහ 85 හැවිරිදි චුන්නාගම් ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු බව සදහන්.

මේ අතර මාදම්පේ, බුලත් හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් යතුරුපැදියක ගැටී සිදුවු අනතුකින් 52 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබේ.

යාපනය කයිට්ස් මාර්ගයේදී ද බස් රථයක් යතුරුපැදියක ගැටී සිදුවු අනතුරකින් 59 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

මැදවච්චිය, යකාවැව ප්‍රදේශයේදී බවුසර් රථයක ගැටී යතුරු පැදිකරුවෙකු මියගොස් ඇති අතර ගම්පහ, උඩුගම්පොල ප්‍රදේශයේදී ද ටිපර් රථයක ගැටී තවත් යතුරුපැදිකරුවෙකු මියගොස් තිබේ.

පොලීසිය පවසන්නේ කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේදී වෑන් රථයක් යතුරුපැදියක ගැටී සිදුවු අනතුරකින් ද යතුරුපැදකරුවෙකු මියගොස් ඇති බවය.

ඊට අමතරව හබරාදුව, පාලුවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටී 50 හැවිරිදි පදික කාන්තාවක් මියගොස් තිබේ.