ප්‍රබල අපරාධකරුවන්ගේ සිරමැදිරිවල තිබී ජංගම දුරකථන 29ක් හසුවෙයි
October 9, 2025 01:28 pm
දරුණුගනයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ A,C හා D වාට්ටුවල තිබී ජංගම දුරකථන 29ක් සොයාගෙන තිබේ.
මෙම ජංගම දුරකථන හමුව ඇත්තේ බන්ධනාගාර බුද්ධි හා උපක්‍රමික බලකාය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව අද (09) සිදුකළ පරීක්ෂා කිරීමකදීය.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ, අදාළ දුරකථන සොයාගත් වාට්ටුවල ප්‍රබල අපරාධකරුවන් රඳවා සිටින බවයි.
එමෙන්ම මරණ දඬුවම නියමව සිටින "දෙමටගොඩ චමින්ද" රඳවා සිටින සිරමැදිරියේ තිබී ද ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.
මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන "වෙලේ සුදා"ගේ සිරමැදිරියේ හා "මිදිගම රුවන් "ගේ සිරමැදිරියේ තිබී ජංගම දුරකථන හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.