ජපානයේ පළමු කාන්තා අගමැතිනිය වීමට Sanae Takaichi සූදානම්

ජපානයේ පළමු කාන්තා අගමැතිනිය වීමට Sanae Takaichi සූදානම්

October 4, 2025   01:06 pm

ජපාන පාලක පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකත්වය සඳහා Sanae Takaichi පත්ව තිබේ. 

ඒ අනුව ඇය ජපානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වන පළමු කාන්තාව බවට ඇය ඉදිරියේදී පත්වීමට නියමිත බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. 

මැතිවරණය පරාජයන් කිහිපයකින් පසු ජපාන අග්‍රාමාත්‍ය ශිගේරු ඉෂිබා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීමත් සමග පාලක පක්ෂයේ නායකත්වය සඳහා සුදුස්සකු තෝරා පත් කර ගැනීම ඡන්ද විමසීම අද සිදු කර තිබේ. 

ඒ අනුව එම ඡන්ද විමසීමට ඉදිරිපත් වූ සනඒ ටකයිචි බහුතර ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගනිමින් මෙලෙස නායකත්වයට තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

එරට හිටපු ආර්ථික ආරක්ෂක අමාත්‍යවරිය ද වන 64 හැවිරිදි Takaichi, හිටපු අග්‍රාමාත්‍ය ෂින්ශෝ අබේගේ පාලන කාලය තුළ අමාත්‍යංශ කිහිපයකම  කටයුතු කර තිබේ. 

කෙසේ වෙතත් ඇය අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම එරට පාර්ලිමේන්තු අනුමැතියකින් පසු සිදු වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.