සයුරෙන් එතෙර
පාකිස්තානයේ GSP+ අවදානමක
October 3, 2025 07:48 am
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයේ අතුරු සාකච්ඡා වටයකදී යුරෝපා සංගමය සහ පාකිස්තානයේ වෙළෙඳ තත්ත්වය පිළිබඳ විවාදයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
එහිදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් පාකිස්තානයේ GSP+ ප්‍රතිලාභ වහාම තාවකාලිකව අත්හිටුවන ලෙස යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විශේෂඥයින් ඉල්ලා තිබේ.
සැසිය පවත්වා තිබුණේ පාකිස්තානයේ මානව හිමිකම් සහ GSP+ යන මාතෘකාව යටතේය.