කොළඹ උද්ධමනය වැඩි වෙයි
September 30, 2025 04:27 pm
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 සැප්තැම්බර් මාසයේ දී 1.5%ක් දක්වා වැඩි වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
එය 2025 අගෝස්තු මාසය සඳහා 1.2%ක් ලෙස වාර්තා වී තිබුණි.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, 2025 සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 2.9% දක්වා වැඩි වී ඇති අතර 2025 අගෝස්තු මාසයේ දී එය වාර්තා වුයේ 2.0%ක් ලෙසය.
එමෙන්ම, 2025 සැප්තැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 0.7% ක් දක්වා අඩු වී ඇති අතර එය 2025 අගෝස්තු මාසයේ දී 0.8% ක් ලෙස වාර්තා විය.