ප්‍රසන්න රණවීරට ඇප

ප්‍රසන්න රණවීරට ඇප

September 30, 2025   04:05 pm

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට ගම්පහ මහාධිකරණයෙන් ඇප නියම කර තිබේ.

රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණුවේ යැයි චෝදනා ලැබ රක්ෂිත බන්ධ නාගාරගතව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඉදිරිපත් කළ ඇප අයදුම අද (30) යළිත් සලකා බැලුණි.  

ඒ ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය ඉදිරියේදී ය.

ප්‍රසන්න රණවීර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ඇප ලබා ගැනීම වෙනුවෙන් මහාධිකරනයෙදී කරුණු දක්වා සිටියේය.

එහිදී ඉදිරිපත් වුනු කරුණු සලකා බැලු ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය සැකකාර ප්‍රසන්න රණවීර මහතා සහ සරත් එදිරිසිංහ යන සැකකරුවන් දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබීය . 

මේ අනුව ඒ එක් එක් අය සඳහා ලක්ෂ පහ බැගින් වූ මුදල් ඇප එකක් බැගින් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප පහක් මෙන්ම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දීමද සිදුකළ යුතු අතර සැකකරුවන් සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ අංශයේ පෙනී සිටිය යුතු බව අප කොන්දේසි අතර දැක්වෙයි.