ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් ඇති ජාතික තත්ත්ව යටිතල පද්ධතියක් ඉදිරියේදී
September 30, 2025 10:24 am
ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් ඇති ජාතික තත්ත්ව යටිතල පද්ධතියක් ඉදිරියේ දී සංවර්ධනය කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය සමඟ සහයෝගීතාවෙන් හා යුරෝපා සංගමයේ තාක්ෂණික දායකත්වයෙන් සංවිධානය කළ නියාමන බලපෑම් ඇගයීම සහ ජාතික තත්ත්ව යටිතල පහසුකම් පද්ධතිය ශක්තිමත් කිරීම හා සංවර්ධනය පිළිබඳ දෙදින වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට ඊයේ (29) එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනක් ලෙස ජාතික තත්ත්ව යටිතල පහසුකම් පද්ධතිය සංවර්ධනය කිරීම වෙනුවෙන් 2025 වර්ෂයට අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබේ.
ඹෟෂධ, ආහාර ඇතුළු මෙරට නිපදවන භාණ්ඩ හා සේවාවන්හි ප්‍රමිතිය ආරක්ෂා කිරීම, සංවර්ධනය කිරීම මෙන්ම ආනයන හා අපනයන භාණ්ඩවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම වෙනුවෙන් ගුණාත්මක යාන්ත්‍රණයක් නිර්මාණය මින් ආපේක්ෂා කරනු ඇත.
ප්‍රමිතීන්, නිවැරදි මිනුම්, අනුකූලතාව සහ සහතික කිරීම යන මූලික ස්ථර හතරක් මත මෙම පද්ධතිය පෙළගස්වා ඇති අතර විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීම හා සම්බන්ධකරණයෙන් කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය සහ පේෂකර්ම දෙපාර්තමේන්තුව මෙම වැඩසටහනට දායකත්වය දෙන සෙසු ආයතන ලෙස නම් කර තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ අපනයන ආර්ථිකයක් සංවර්ධනය කිරීම රජයේ ඉලක්කය වන බවත් එම කාර්යයේදී නිවැරදි ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ අනුකූලතාවන් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය වන බවය.
ඒ සඳහා වර්තමානයේ භාවිත කරන ක්‍රමවේදයන්ට වඩා දියුණු හා ඉහළ පිළිගැනීමක් ඇති ගුණාත්මක තත්ත්ව පද්ධතියක් සංවර්ධනය සඳහා රජය රුපියල් මිලියන 750ක් වෙන් කර ඇති බවත් ඒ හරහා වගකිව යුතු ආයතනවල පරීක්ෂණාගාර උපකරණ ඇතුළු පහසුකම් සංවර්ධනය කිරීමටද බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.