එක්සත් රාජධානියේ වැඩ කිරීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්යය කෙරේ

එක්සත් රාජධානියේ වැඩ කිරීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්යය කෙරේ

September 28, 2025   11:28 am

නීතිවිරෝධී සංක්‍රමණ මැඩපැවැත්වීමේ අරමුණක් ලෙස, එක්සත් රාජධානියේ වැඩ කිරීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්යය කිරීමට නියමිතව තිබේ.

නව ඩිජිටල් හැඳුනුම්පත් යෝජනා ක්‍රමය මඟින් එක්සත් රාජධානියේ නීතිවිරෝධී ලෙස සේවය කිරීම දුෂ්කර වන අතර එමගින් පුරවැසියන්ට ප්‍රතිලාභ රැසක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය කියර්  ස්ටාර්මර් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කම්කරු පක්ෂය බලයට පත්වීමෙන් පසු කුඩා බෝට්ටුවලින් සංක්‍රමණිකයන් 50,000කට වැඩි පිරිසක් පැමිණීමත් සමඟ නීතිවිරෝධී සංක්‍රමණ ගැටලුව විසඳීම සඳහා රජයට පීඩනයක් එල්ල වී ඇති බවය.

නව ඩිජිටල් හැඳුනුම්පත හේතුවෙන් එරට නීති විරෝධී ලෙස වැඩ කිරීම දුෂ්කර වන අතර දේශසීමා වඩාත් ආරක්ෂිත කරන බව වාර්තා වේ.