ජනපති හා ට්‍රම්ප් අතර හමුවක්

ජනපති හා ට්‍රම්ප් අතර හමුවක්

September 27, 2025   04:12 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදුව තිබේ. 

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා විසින් අනුර කුමාර දිසානායක මහතා ඉතා උණුසුම් ලෙස පිළිගෙන තිබූ අතර සුහද කථාබහක ද නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයින් වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා පිරිණමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර මෙම හමුව සිදුව ඇත.