ලෝක සාම දිනය සැමරෙයි
September 25, 2025 03:10 pm
ජාත්‍යන්තර සාම දිනය ලොව පුරා සැප්තැම්බර් මස 21 වන දින සමරනු ලැබීය.
යුක්තිය, සමානාත්මතාවය සහ මානව හිමිකම් සුරක්ෂිත කරමින් සාමයේ ශක්තිමත්භාවය තීව්‍ර කිරීම සඳහා කැප වූ දිනයක් ලෙස සාම දිනය හැඳින්වේ.
කරිටාස් ශ්‍රී ලංකා ජාතික ආයතනය පසුගිය සැප්තැම්බර් 22 වනදා සාම දිනය සමරනු ලැබීය.
ජාතික අධ්‍යක්ෂ ලුක් නෙල්සන් පියතුමා එහි පිළිගැනීමේ කතාව සිදුකළ අතර, එමඟින් සාමකාමී සමාජයක් සඳහා එක්ව සිතීමේ අවශ්‍යතාවය ඉස්මතු කරවීය.
මෙම වැඩසටහන කතෝලික හා අනෙකුත් ආගමික නායකයින්, රජයේ නිලධාරීන්, කැලණිය සහ කොළඹ විශ්වවිද්‍යාලවල සිසුන් මෙන්ම කරිටාස් පදවි මධ්‍යස්ථානවල නියෝජිතයින් ද සහභාගි වුහ.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලයේ සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු ප්‍රනාන්දු මහතා සහභාගී විය.
උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස මහනුවර රදගුරු අතිඋතුම් වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමා සහභාගී විය.
සාමය යුක්තියේ ප්‍රතිඵලයක් බවත් යුක්තිය සඳහා වැඩ නොකර සාමයේ බලාපොරොත්තුව හුදෙක් සිහිනයක්ම පමණක් බවත් උන්වහන්සේගේ මෙහිදී අවධාරණය කළේය.