සයුරෙන් එතෙර
ගාසා නගරවැසියන් බිලිගත් ඊශ්‍රායල ප්‍රහාරය
September 25, 2025 12:28 pm
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු ගාසා නගරවාසීන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඊයේ (24) රාත්‍රී ගාසා තීරයේ අවතැන් පවුල් රඳවාගෙන සිටි ගොඩනැගිල්ලකට සහ කුඩාරමකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වුණි.
මියගිය පුද්ගලයින් අතර ළමුන් සහ කාන්තාවන් ද සිටින බව වාර්තා වේ.
කෙසේවෙතත් අදාළ ප්‍රහාරයන්ට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය සඳහන් කළේ, හමාස් සටන්කාමීන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බවය.