විදුලිබල වෘත්තීය ක්‍රියාමාර්ගයේ අලුත්ම තත්ත්වය
September 24, 2025 03:57 pm
ලංකා විදුලිබල බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය වැඩ වර්ජනයකට රැගෙන නොයන බව වෘත්තිය සමිති පවසයි.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිතරව සිටින සියලු වෘත්තීය සමිති එක්ව අද (24) දහවල් පැවැත් වූ සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේ දී මෙතෙක් ක්‍රියාත්මක අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් එලෙසින්ම ක්‍රියාත්මක කිරිමට ඔවුන් තීරණය කර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන්කිරීමට එරෙහිව විදුලිබල වෘත්තිය සමිති දින කිහිපයක සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිතරව සිටියි.