සයුරෙන් එතෙර
පිලිපීන හිටපු ජනපතිට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කළායැයි චෝදනා
September 24, 2025 09:59 am
පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටෙර්ටේට එරෙහිව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කළායැයි චෝදනා එල්ල වී තිබේ.
ඒ ඔහුට එරෙහිව අන්තර්ජාතික අපරාධ අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයට අදාළවය.
පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටෙර්ටේ සැලකෙන්නේ එරට සිටි දැඩි පාලකයෙක් ලෙසයි.
පිලිපීනය වෙළාගත් මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි දැඩි පිළිවෙතක් අනුගමනය කළ ඔහු, ධුර දැරූ 2016 - 2022 කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරකරුවන් රැසක් මියගිය බව වාර්තා වෙයි.
පසුගිය මාර්තු මාසයේදී ඩුටෙර්ටේ අත්අඩංගුවට ගෙන අන්තර්ජාතික අපරාධ අධිකරණයට ඉදිරිපත් කෙරුණේ බරපතළ ගණයේ අපරාධ සිදුකළ බවට චෝදනා කරමින්ය.
ඩුටෙර්ටේ සම්බන්ධ අපරාධ චෝදනා පත්‍රය මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ.
ඔහු 2013 - 2016 අතර කාලය තුළ ඔහු පිලිපීනයේ ඩාවෝ නගරයේ නගරාධිපතිවරයාව සිටි කාලය තුළ ඔහුගේ නියෝගය මත සිදුවු බවට සඳහන් ඝාතන මෙන්ම, ජනාධිපති ධුරකාලය තුළ සිදුවූ ඝාතන සම්බන්ධ චෝදනා එහි ඇතුළත්ය.
මේ අනුව ඩුටෙර්ටේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකර ඇති බවට චෝදනා ගොනුවී ඇත.
ජාත්‍යන්තර විනිශ්චය සභාවක් හමුවට පැමිණවූ සහ අන්තර්ජාතික අපරාධ අධිකරණයට ඉදිරිපත් කෙරුණු පළමු ආසියාතික නායකයා ඔහුය.