ආගමික අධ්‍යාපනය සහ සෞන්දර්ය විෂයන් කප්පාදු නොකරන බව අගමැතිනිය කියයි
September 21, 2025 01:36 pm
වත්මන් රජය යටතේ ආගමික අධ්‍යාපනය මෙන්ම සෞන්දර්යය විෂයන් කිසිදු අයුරකින් කප්පාදු කිරීමක් නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මෙනවිය පවසයි.
ඇය මේබව ප්‍රකාශ කළේ බුද්ධ ශාසන කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සමඟ පැවති සාකච්ඡාවකදී ය.
එමෙන්ම නව විෂය නිර්දේශය යටතේ බුද්ධ ධර්මය පෙළ පොතේ අඩංගු කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.
එහිදී අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ 2026 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව 6 ශ්‍රේණියේ පළමු මොඩියුලයේ පළමු පාඩමෙන් සියලු ආගම් පිළිබඳ මූලික අවබෝධයක් සියලුම දරුවන්ට ලබා දීමට අපේක්ෂා කරන බවය.
ඉන්පසු දරුවන්ට තමන්ගේ ආගම පිළිබඳ අධ්‍යයනය කිරීමට අවස්ථාව හිමිවනු ඇති බවද එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
එසේම බුද්ධ ධර්මය විෂය ඉගැන්වීමේ ගුරු හිඟය පිළිබඳවත් මෙහිදී අවධානය යොමුවී ඇති අතර විධිමත් සැළැස්මකට අනුව ගුරුවරුන් බඳවා ගැනීම හා අනුයුක්ත කිරීම මගින් ගුරු තුලනය කිරීම සිදු කරන බවද අග්‍රාමාත්‍යවරිය මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.