මාරක අනතුරු කිහිපයක් - බිලිඳියක්, සිසුවෙක් ඇතුළු 05ක් මරුට
September 21, 2025 07:00 am
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 05කින් දින 11ක බිලිඳියක් සහ පාසල් සිසුවෙක් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (20) මෙම අනතුරු සිදුව තිබුණේ වීරවිල, පුත්තලම, වැලිවේරිය, පුදුකුඩිඉරිප්පු සහ පොල්ගහවෙල පොලිස් වසම්වලදීය.
හම්බන්තොට - වීරවිල මාර්ගයේ තුරුසෙවණ ප්‍රදේශයේදී ලොරි රථයක් ඊට ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්කළ එකම පවුලේ මව, පියා, දරුවෙකු සහ බිළිඳියක් තිස්සමහාරාම රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී බිළිඳිය මියගොස් ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් තිබුණේ තියම්මාගම, තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිව සිටි දින 11ක් වූ බිළිඳියකි
මේ අතර යාංගල්මෝදර - නාරම්මල මාර්ගයේ නයිනදෙනිය හන්දිය අසලදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව එම දිශාවටම ධාවනය වූ තවත් යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් පැදිකරුවන් දෙදෙනා තුවාල ලබා වැඩිදුර ප්‍රථිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී එක් පැදිකරුවෙකු මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, යටිගල්ඔලුව ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකි.
මේ අතර පුත්තලම - කොළඹ මාර්ගයේ පාලවිය හන්දිය ආසන්නයේදී ලොරි රථයක් යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි තරුණයෙකි.
මේ අතර මුලතිව් - පරන්තන් මාර්ගයේ වෙල්ලම්පලම් හන්දිය අසලදී යතුරුපැදියක් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට පිවිසි තවත් යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් එක් යතුරුපැදියක පැදිකරු තුවාල ලබා මුංකිලාරු රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, කුරුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකි.
මේ අතර වැලිවේරිය පොලිස් වසමේ නව නුවර මාර්ගයේ ජයන්ති මාවත හන්දිය ආසන්නයේදී වෑන් රථයක් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ කාන්තාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවකි.
මරණකාරිය වයස අවුරුදු 68 ක් වූ පදිංචිකාරියකි.