ශ්‍රී ලංකාව පරදා බංග්ලාදේශයට තියුණු ජයක්
September 20, 2025 11:41 pm
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් අද (20) පැවති තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම හමුවේ කඩුලු 04ක තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 169ක ඉලක්කය තරගය අවසන්වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී පසුකර යෑමට බංග්ලාදේශ පිතිකරුවන් සමත් විය.
ඒ වනවිට ඔවුන්ගේ කඩුලු 6ක් බිඳවැටී තිබුණි.
බංග්ලාදේශ ජයග්‍රහණයේ නියමුවන් වූ ආරම්භක පිතිකරු සයිෆ් හසන් ලකුණු 61ක් රැස්කළ අතර, මැදපෙළ පිතිකරු තව්හිද් රිදෝයි ලකුණු 58ක් රැස්කිරීමට සමත් විය.
ඊට අමතරව නායක ලින්ටන් දාස් ලකුණු 23ක් රැස් කරමින් බංග්ලාදේශ ඉනිම පළමු අදියරේම ශක්තිමත් කළේය.
තරගය ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට ප්‍රබල උත්සාහයක් ගත් වනිඳු හසරංග හා දසුන් ශානක කඩුලු 2 බැගින් දවාගත්හ.
කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයාගේ ඇරයුමෙන් පළමුව පළමුව පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත් විය.
එහිදී දසුන් ශානක පන්දු 37කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 64ක් රැස්කළේය.
ඊට අමතරව කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් සහ පැතුම් නිස්සංක ලකුණු 22ක් ලබාගත්හ.