අබුඩාබි සිට දුනිත් වෙල්ලාලගේ යළි දිවයිනට

අබුඩාබි සිට දුනිත් වෙල්ලාලගේ යළි දිවයිනට

September 19, 2025   09:31 am

සිය පියාගේ අභාවය සැලවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද (19) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

ඔහු අබුඩාබි නුවර සිට අද උදෑසන 08.25ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි- 392 දරන ගුවන් යානයෙන් එලෙස දිවයිනට පැමිණ ඇත.

ඔහු සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු මහින්ද හලංගොඩ මහතා ද පැමිණ සිටි අතර, ඔවුන් ඉතා ඉක්මනින් ගුවන් තොටුපොළෙන් පිටවී ගිය බව අප වාර්තාකරු පැවසීය.

දුනිත්ගේ පියා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (18) අභාවප්‍රාප්ත වූ අතර, ඒ වනවිට දුනිත් ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය ක්‍රීඩාකරමින් සිටියේය.