ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ තවදුරටත් රිමාන්ඩ්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ තවදුරටත් රිමාන්ඩ්

September 16, 2025   12:06 pm

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ මහතා ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.