සයුරෙන් එතෙර
සිංගප්පූරු අගමැති සහ ඉන්දීය මුදල් ඇමති සාකච්ඡාවක
September 5, 2025 06:06 am
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක් සඳහා එක්වී තිබේ.
එහිදී දෙරට අතර විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් මගින් අදහස් දැක්වූ ඉන්දීය මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ වෙළෙඳාම සහ ආයෝජන, නිපුණතා සංවර්ධනය, තිරසාරභාවය, සෞඛ්‍ය සේවා ඇතුළු තීරණාත්මක ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි සාකච්ඡාවේ අරමුණ බවය.
ඉන්දියාව සහ සිංගප්පූරුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 60ක් සපිරීමේදී තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරමින් සහයෝගීතාව ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම දැඩි කැපවීමක් පෙන්නුම් කිරීම විශේෂත්වයක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.