සයුරෙන් එතෙර
පාකිස්තානයේ ත්‍රස්ත ප්‍රහාර 2ක්
September 3, 2025 03:55 pm
පාකිස්තානයේ නගර 2කට එල්ලවී තිබූ ත්‍රස්ත ප්‍රහාර 2කින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් 50කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
මියගිය පිරිසෙන් 6 දෙනෙකු හමුදා සෙබළුන් බව විදෙස් මාධ්‍ය පවසයි.
ඇෆ්ගනිස්තානයට සහ ඉරානයට මායිම්ව පිහිටි පාකිස්තානයේ ක්වේටා නගරයේ දේශපාලන රැලියක් පැවැති ස්ථානයකට ඊයේ මෙම එක් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබුණි.
ඉන් පුද්ගලයින් 11 දෙනෙකු පමණ මියගොස් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රැලිය අවසන් වී පිරිස විසිර යමින් සිටින අතරතුර එහි රථ ගාලක් තුළ මෙම බෝම්බය පුපුරා ගොස් තිබූ අතර එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට සැක කෙරෙයි.
මේ අතර එරට වයඹදිග කොටසේ බන්නු නගරයේ පිහිටි හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 6 දෙනෙකු ඇතුළු 12 දෙනෙකු මියගොස් තිබේ.
මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු පුපුරණ ද්‍රව්‍ය පුරවාගත් මෝටර් රථයක් යොදාගෙන එම කඳවුරේ ආරක්ෂක තාප්පය බිඳ දැමීමෙන් පසු ආයුධ සන්නද්ධ කැරලිකරුවන් පිරිසක් එම කඳවුරට ඇතුළුවී වෙඩි ප්‍රහාර එල්ලකර ඇත.
දෙපාර්ශ්වය අතර පැය 12ක පමණ කාලයක් මෙම ගැටුම් පැවැති බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් මේ දක්වා කිසිවෙකුත් මෙම ප්‍රහාරවල වගකීම භාරගෙන නොමැත.