සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ
August 28, 2025 10:51 am
සිම්බාබ්වේ තරග සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කර තිබේ.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් එම තරග සංචාරය සඳහා නම් කර ඇති අතර නවක ක්‍රීඩක විෂේන් හැලඹගේ සහ කමිල් මිශාර ද ඊට එක්කර තිබීම විශේෂත්වයකි.
පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, නුවනිදු ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර සහ මතීෂ පතිරණ සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයින් වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය ආරම්භ කරමින් පළමු එක්දින තරගය හෙට පැවැත්වෙන අතර 20යි20 තරගාවලිය සැප්තැම්බර් මස 03 වනදා ආරම්භ වීමට නියමිතය.