උසාවිය ළඟ දී පොලිස් නිලධාරියෙකුට තුවාල කළ සැකකරු අත්අඩංගුවට

උසාවිය ළඟ දී පොලිස් නිලධාරියෙකුට තුවාල කළ සැකකරු අත්අඩංගුවට

August 28, 2025   08:43 am

කොටුව මහෙස්ත්‍රාත් අචධිකරණය අසල පැවති විරෝධතාවයක දී පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 26 වන දා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහර දී තුවාල සිදුකිරීම හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමට අදාළව එම සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළුතර දී අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ ඊයේ (27) අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලීසිය වෙත ඉදිරිපත් කළ බවය.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 52 හැවිරිදි නාගොඩ, කළුතර ප්‍රදේශයේ පදිංචි හිටපු නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකි.

සැකකරු අද (28) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.