ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් ගැන ඉන්දියාවෙන් පැහැදිලි කිරීමක්

ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් ගැන ඉන්දියාවෙන් පැහැදිලි කිරීමක්

August 21, 2025   09:48 pm

ඉන්දියාව හා පාකිස්තානය අතර ඇතිව තිබෙන දේශපාලන මතගැටුම් හේතුවෙන් දෙරට අතර ක්‍රිකට් තරග ක්‍රීඩාකිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය ස්ථාවරය පැහැදිලි කර තිබේ.

ඒ අනුව පාකිස්තානය සමග කිසිදු ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩාකිරීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට  සම්පූර්ණ තහනමක් පනවා ඇත.

මේ හේතුවෙන් දෙරට තරග කිසිදු තරගාවලියකට ඉන්දියාව සත්කාරකත්වය නොදක්වන අතර, කිසිදු සංචාරයක් හෝ සිදුකිරීමට ද අවසර නොමැත.

කෙසේ වෙතත් අයි. සී. සී. විසින් සංවිධානය කරන තරගාවලි මෙන්ම බහු පාර්ශ්වීය තරගාවලිවලදී පාකිස්තානය සමගින් ක්‍රීඩාකළ හැකි බව ඉන්දීය රජය සිය නිවේදනයෙන් දන්වා ඇත.

ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ආසියානු කුසලානයේ සහ ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයේ දී මෙම රටවල් දෙක එකිනෙකා සමගින් ක්‍රීඩාකරනු ඇත.