බණ්ඩාරගම වෙඩිතැබීමක්

බණ්ඩාරගම වෙඩිතැබීමක්

August 21, 2025   06:24 pm

බණඩාරගම, බොල්ගොඩ පාලම ආසන්නයේ තුන්බෝධිය අසලදී අද (21) පස්වරු 6.00ට පමණ වෙඩිතැබීමක් සිදුකර තිබුණි.

මෝටර් රථයක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර නාඳුනන වෙඩික්කරුවකු වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පැවසීය.

වෙඩි ප්‍රහාරයෙන් අදාළ මෝටර් රථයේ සිටි පුද්ගලයා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඝාතනය වූ පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැත.

පොලීසිය පැවසුවේ ටී-56 ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාර 20කට අධික සංඛ්‍යාවක් ඔහු ඉලක්ක කර තබා ඇති බවය.