කොරියානු තානාපතිනිය ජනපති ලේකම් හමුවෙයි
August 18, 2025 09:03 pm
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී ( Miyon LEE) මහත්මිය අතර හමුවක් අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
කොරියානු නව පාලනය යටතේ ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතාවන් හඳුනාගෙන සමීපව කටයුතු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී ( Miyon LEE) මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා මත කොරියානු රජයේ අඛණ්ඩ සහයෝගය ලබා දීමට සූදානම් බවද තානාපතිනිය අවධාරණය කළාය.
කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (KOICA) නව නියෝජිතයින්ද මෙහිදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවූ අතර ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන KOICA ව්‍යාපෘති කඩිනමින් නිම කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.